
Lyrics: Chamara Guruge Melody & Music: Thilina Blyz ඊයේ හැන්දෑවේ හිරු ගිලී මියෙන වේලේ ඇය ද සමග මහ මුහුද මැදට මං ගියා ... හාත්පසම දළ රළ රැළි මතු වෙයි රැළි යට කර ඒ උනත් මුහුද නිසසල හිරු ගිලී මියෙන හින්දද? ඈ නොසිතනා වෙලාවක ඈ දියට තල්ලු කර දමා ආපසු ඒ දෙස නොබලා මං හනිකට මෙගොඩට වුනා හිරු දියේ ගිලී මිය ගියා මං හනිකට මෙගොඩට වුනා ලෝකය අදුරේ කිමිදුනා ඒ අදුරේ ඈ හිනැහුනා ඊයේ රාත්රියේ මා නින්දේ පසු වන විට මගෙ නළල මතට හාදුවක් තබා ඈ නොපෙනී යන්නම ගියා හිරු දියේ ගිලී මිය ගියා මං හනිකට මෙගොඩට වුනා ලෝකය අදුරේ කිමිදුනා ඒ අදුරේ ඈ හිනැහුනා LJ Version by Thilina Blyz © ℗ 2020 Thilina Blyz, Chamara Guruge
Same frequency
Streamed via Audius · Listen on Audius