
Lyrics - Amanda Udani Rodrigo (2017) Melody - Thilina Blyz (2017) මහද දවන සීත රැයක හීන කෝටියක් ඔබේ දෑස දෑත අසල සැලෙන හදවතක් පාළු අහස තනිය මකන රම්ය සඳවතක් දිවිය පුරා ළඟින් ඉන්න ඔබට හැකි තරම් සත් සමුදුර එහා ඉඳන් ගීත මුමුණනා හැන්දෑවට වලා වියන් බඳින පෙම් රටා මද පවනක පාවී එන සූසුම් මුසු වුනා සුහදිනියේ එළිය දෙන්න මගේ හද අරා දෙතොල් පතන මදහස අග උණුසුම රඳවා සුසුම් හෙලන මා හදවත ළය මත සතපා ඔබ කවුරුද කුමරියෙ මන සුවඳ වපුරනා ඔය පාරාදීසෙ පුරා මා හද සරනා LiViN JAiL Version by Thilina Blyz © ℗ 2020 Thilina Blyz, Amanda Udani Rodrigo
Same frequency
Streamed via Audius · Listen on Audius